October 31, 2020

SinhalaVlog

Just another WordPress site

ඔබත් දෙපා හිරිවැටීම නිසා පීඩාවට පත් වෙලාද?

අස්ථි සම්බන්ධ රෝගාබාධ පිළිබඳව කතා කරනවිට දෑත් දෙපා හිරිවැටීමේ තත්ත්වය පිළිබඳව කතා නොකරම බැහැ. පසුගිය සතියේ දෑත් හිරිවැටීමේ තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කළ නිසා මේ සතියේ අපි ඔබේ අවධානය යොමු කරන්නේ දෙපා හිරිවැටීමේ රෝගී තත්ත්වය පිළිබඳවයි. සම්පූර්ණ පාදයම හිරිවැටීම, පාදයේ ඇඟිලි හෝ පාදයේ එක් කොටසක් හිරි වැටීම, පාදය සම්පූර්ණයෙන්ම හිරිවැටී පසුව එම තත්ත්වය පහව යෑම, පාදයේ පූර්ණ අප්‍රාණිකත්වය වැනි විවිධ ලක්ෂණවලින් පාද හිරිවැටීම සිදුවිය හැකියි. පාද හිරිවැටීම ඇති වීමට විවිධ හේතු බලපෑ හැකියි. පාදවලට ස්නායු බෙදෙන්නේ කොඳු ඇට පේළියේ කටී කශේරුකා ආශි්‍රත ප්‍රදේශයෙනුයි. එවිට කටී කශේරුකා ආශි්‍රත අන්තර් කශේරුකා මඩල ප්‍රදාහය නිසා ඇතිවන ස්නායු තෙරපුම මඟින් පාදයේ කොටසක් හිරිවැටීම හෝ පූර්ණ වශයෙන් හිරි වැටීම සිදුවිය හැකියි. මෙහිදී කලක් ප්‍රතිකාර නොකර රෝගය හරිහැටි හඳුනා නොගෙන සිටීම මඟින් කකුලේ මාංශ පේශීන් හීන වීම පවා සිදුවිය හැකියි. තවද දියවැඩියාව වැනි රෝගාබාධ තත්ත්වවලදී ඇති වන ස්නායු දුර්වලතා නිසාද පාදවල හිරිවැටීමේ තත්ත්වයන් ඇති වන්නට පුළුවන්. පාදයට යම් පහරක් වැදීමක් හෝ හදිසි අනතුරක් නිසා පාදය ආශි්‍රත ස්නායු තැළීමක්, අවහිරවීමක් නිසාද පාද හිරිවැටීම සිදුවිය හැකියි.

ඉහත සඳහන් කළ හේතු නිසා පාදයට රුධිරය ගමන් කිරීම අවහිර වූ විට ස්නායුවලට ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය නොලැබීම නිසාද හිරිවැටීමක්, දැනීමේ අපහසුතාවක් ඇති වන්නට පුළුවනි. මෙම රෝගාබාධ තත්ත්වවලදී රෝගය විනිශ්චය කර ගැනීම ඉතාම කල්පනාකාරීව සිදුකර ගත යුතු අතර රෝගය විනිශ්චය කිරීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා කර ගත යුතුයි. එසේ නොවුණහොත් රෝගය හරිහැටි හඳුනා නොගැනීම මඟින් විවිධ අතුරු ආබාධ ඇතිවීම සහ පවතින රෝගාබාධය තීව්‍ර වීම සිදුවිය හැකියි. බොහෝ විට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි කාන්තාවන් මෙම රෝගයෙන් පෙළීමට ඇති ඉඩකඩ වැඩියි. ආර්තවහරණය සමඟ සිදුවන හෝර්මෝන අසමතුලිතතාවය මඟින් කැල්සියම් අවශෝෂණය කර ගැනීම හීන වීමේ තත්ත්වයන් සහ පසුකාලීනව ඔස්ටියෝ පොරෝසිස්, ඔස්ටියෝ ආතරයිටීස් වැනි තත්ත්වයන් ඇතිවීම නිසාද එමඟින් කොඳු ඇට පෙළ අස්ථි ඝනත්වය අඩුවීම මඟින් ඇතිකරන තභථඡචප ඵනධදඤරතඪබඪඵ තත්ත්වය මඟින්ද මෙය සිදුවිය හැකියි. මෙය වළක්වාගැනීම සඳහා නිතර ව්‍යායාමවල යෙදීම (අනෙකුත් සංකූලතා නොමැතිනම්), තෙල් අධික ආහාර භාවිතයෙන් වැළකීම, නිසි ලෙස ජලය පානය කිරීම, හිඳ ගැනීමේදී නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම, දියවැඩියාව ඇත්නම් එම තත්ත්වය පාලනය කිරීම සඳහා නිසි ඔෟෂධ හා ආහාර ලබා ගැනීම ආදිය කළ යුතුයි. ඒ වගේම මෙම රෝගී තත්ත්වය වැලඳී දින 14ට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම වඩා යෝග්‍යයයි.