August 8, 2020

SinhalaVlog

Just another WordPress site

විටමින් C බහුල ස්ට්‍රෝබෙරි සහ ‍ෙදාඩම් ඔබේ සම පැහැපත් කරයි

නිරෝගී පැහැපත් සමක් ලබාගැනීම සඳහා පලතුරුවලින් කරගන්නා සත්කාර ඉතා යෝග්‍යයි. ඒ සඳහා සුදුසුම පලතුරු දෙවර්ගයක් තමයි ස්ට්‍රෝබෙරි සහ ‍ෙදාඩම් කියන්නේ. මෙම පලතුරුවල ‘විටමින් ඛ්’ බහුලව අඩංගු වන නිසා ඉතා ඉක්මනින් ස්වාභාවිකව සම පැහැපත් කිරීමේ හැකියාව තිබෙනවා. සම මත ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් වසබීජ නාශකයක් ලෙසත් ක්‍රියාකිරීමේ හැකියාවද තිබෙනවා. ඒ නිසා ඔබත් ‍ෙදාඩම් සහ ස්ට්‍රෝබෙරිවලින් සිදුකරන මෙම සත්කාරයන් අදම අත්හදා බලන්න. සම ඉක්මනින් පැහැපත් කරන සත්කාරයක්

  • අවශ්‍ය ද්‍රව්‍ය – ‍ෙදාඩම් ගෙඩියක සම්පූර්ණ පොත්ත කොටස / ඔලිව් තෙල් මේස හැඳි 5ක් පමණ

සාදාගන්නා ආකාරය – ‍ෙදාඩම් ගෙඩියේ පොත්ත කොටස ගේ‍ර්ටරයක් ආධාරයෙන් කුඩා කැබැලිවලට ගේ‍ර්ට් කරගන්න. ඉන්පසුව සුදුසු භාජනයක් ළිප තබා එයට ඔලිව් තෙල් මේස හැඳි 5ක් එකතු කොට ඩබල් බොයිල් ආකාරයට රත් කරගන්න. රත්වූ තෙල්වලට ‍ෙදාඩම් පොතු ටික එක්කොට විනාඩි 10ක් පමණ රත්කර ගන්න. (රත් වූ තෙල්වලට ‍ෙදාඩම් පොතු එක්කළ විට ‍ෙදාඩම් පොතු දිය වී ඔලිව් තෙල් එකට හොඳින් උරා ගන්නවා) මෙසේ සාදාගත් ඔලිව් ඔයිල් ‍ෙදාඩම් පොතු මිශ්‍ර සත්කාරය නින්දට යෑමට පෙර පිරිසුදු කරගත් මුහුණේ, සම මත හොඳින් ආලේප කොට නින්දට යන්න. මෙම සත්කාරය දිනපතා නින්දට යෑමට පෙර සිදුකළ යුතුයි. මෙම සත්කාරය සඳහා ‍ෙදාඩම් පොත්ත භාවිත වන නිසා මෙම සත්කාරය තුළ විටමින් ඛ් අඩංගු වෙනවා. එමඟින් සම ඉතා ඉක්මනින් පැහැපත් කරන අතර ඔලිව් තෙල් මඟින් සම වියළීම වළක්වනවා. සම මත ඇති වී තිබෙන ලප ඉක්මනින් මකා දැමිමද සිදුකරනවා.

  • සම පැහැපත් කරන Strawberry face mask
  • අවශ්‍ය ද්‍රව්‍ය – ස්ට්‍රෝබෙරි ගෙඩි – 04ක් පමණ / කෝමාරිකා මදය – මේස හැඳි 1ක් / මී පැණි – මේස හැන්දක් පමණ / ඔලිව් තෙල් – මේස හැන්දක් පමණ

සාදාගන්නා ආකාරය – පළමුවෙන්ම ස්ට්‍රෝබෙරි ගෙඩි ටික පිරිසුදු වතුරෙන් සෝදා කොළ සහ නටුව කොටස් ඉවත් කරගන්න. ඉන්පසුව හොඳින් බ්ලෙන්ඩර් කරන්න. (ජලය ස්වල්පයක් ද එකතු කරමින් ආලේප කළ හැකි පදමට සාදා ගන්න.) ඉන්පසුව පිරිසුදු භාජනයකට බ්ලෙන්ඩර් කරගත් ස්ට්‍රෝබෙරි, කෝමාරිකා මදය, මී පැණි, ඔලිව් තෙල් යන ද්‍රව්‍ය සියල්ල එකතුකොට හොඳින් කලවම් කරමින් ආලේපය සාදාගන්න. ඉන්පසුව සුදුසු ටචජඥ ඹචඵඩ එකක් යොදා මුහුණ සහ බෙල්ල හොඳින් පිරිසුදු කරගන්න. ඉන්පසුව ක්ලෙන්සර් එකක් භාවිත කරන්න. ඊළඟ පියවර ලෙසින් සකසා ගත් ඵබපචඹඡඥපපර face mask එක මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් පමණ වේලාවක් තබා ආලේපනය කරන්න. වේළුණු පසුව ඇඟිලි තුඩු ආධාරයෙන් විනාඩි 5ක් පමණ හොඳින් ඉජපභඡ කරන්න. මෙම ස්ට්‍රෝබෙරි ථචඵඬ එකේ ස්ටෝබෙරි ඇට තිබෙන නිසා මුහුණ හොඳින් ඉජපභඡ වීමක්ද සිදුවෙනවා. එමඟින් මැරුණු සම ඉවත් වී සමට නැවුම් බවක්, දිදුලන බවත් ලබාදෙනවා. අවසානයට සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට වතාවක් සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙහි නැවුම් ස්ට්‍රෝබෙරි අඩංගු වන නිසාම හොඳින් පිරිසුදු වීම, සම මත ඇති වන කුරුලෑ ආසාදන, සම මත ඇතිවන රැලි ස්වභාවය ආදී තත්ත්වයන් පාලනය කිරීමක්, කෝමාරිකා සාරය මඟින් සමෙහි තෙතමනය සුරැකීම සහ සමෙහි තිබෙන විසබීජ ඉවත් කිරීමක් සිදුවෙනවා. එමෙන්ම මී පැණි මඟින් සම පැහැපත් වීම, වියළි බව දුරු කිරීමත්, ඕලිව් තෙල්වලින් ලප කැළැල් මකා දැමීම, සමට ඇදෙනසුලු බවක් ලබාදීම, තරුණ පෙනුම ආරක්ෂා වීමත් සිදුවෙනවා. Face mask එකක් සහ ඵජපභඡ එකක් ලෙසත් භාවිත කළ හැකිවීම මෙම සත්කාරයේ තිබෙන තවත් විශේෂත්වයක්. එමෙන්ම ඔබට අධික තෙල් සහිත සමක් තිබෙනවා නම් මෙම සත්කාරය සඳහා ඔලිව් තෙල් භාවිත නොකළ යුතුය. සාමාන්‍ය සහ වියළි සමක් තිබෙනවා නම් ඔලිව් තෙල් යොදා ගැනීම ඉතාම සුදුසුයි.