October 31, 2020

SinhalaVlog

Just another WordPress site

බෝවන රෝග පැතිරීම වළක්වන සිරුරේ ප්‍රතිශක්තිය

මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ “කොරෝනා වයිරසයයි” මෙම වයිරසය වැලඳුණු කෙනකු තුළින් මතුවන රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒවා නම් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, කෙටි හුස්ම වැටීම (ඇදුම රෝගය වැලඳුණු රෝගීන්ට මෙන්), දියර ලෙසින් මලපහ පිටවීම ආදියයි. මෙම රෝගයේ තිබෙන විශේෂම කාරණාව වන්නේ රෝගය ආසාදනය වී සති කිහිපයක් ගත වන තුරු රෝග ලක්ෂණ පිටතට නොපෙන්වීමයි. මෙතෙක් නිශ්චිත ඔෟෂධයක් හඳුනාගෙන නොමැති මෙම රෝගය උග්‍ර වූ විට නිව්මෝනියාව, වකුගඩු අක්‍රීය වීම, හෝ මරණය පවා සිදු විය හැකියි. කෙසේ වෙතත් මෙවැනි වයිරස් ආසාදන තත්ත්වයන් ඉතා ඉක්මනින් වැලඳෙන්නේ පුද්ගල ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය අවම වන නිසයි. එනිසා ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඔෟෂධ වර්ග හා ආහාර පාන මොනවාද යන්න පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට භාවිත කළ යුතු ආහාර පාන, ඔෟෂධ වර්ග රාශියක් ආයුර්වේදය තුළ හඳුන්වා දී තිබෙනවා. ආයුර්වේදය යනු අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙන නිවැරදි දර්ශනයක් සහිත ශාස්ත්‍රයක්. විශේෂයෙන්ම පුරාණ ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබෙන ඔෟෂධීය ගුණය රැගත් ශාක වර්ග රාශියක් ආයුර්වේදය තුළදී ප්‍රතිකාර ලෙස භාවිතයට ගනු ලබනවා. ඉරමුසු, රණවරා, පොල්පලා, කොත්තමල්ලි, වෙනිවැල්ගැට කියන්නේ එවැනි ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ඔෟෂධීය ශාක වර්ග කිහිපයක්.

අතීතයේදී බිලිඳකු ඉපදුණු පසු “රන් කිරි කට ගෑමේ චාරිත්‍රය” සිදු කරනු ලැබුවා. පැරැන්නන් එයින් බලාපොරොත්තු වුණේ අලුතින් උපත ලබන දරුවාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීමයි. ඒ සඳහා ඔවුන් එදා “ස්වර්ණ භෂ්ම” නම් වූ ඔෟෂධය යොදා ගනු ලැබුවා. ස්වර්ණ භෂ්ම කියන්නේ පොළොවෙන් ලබාගන්නා රන්, රිදී ආදියෙන් නිපදවන ලද ඔෟෂධයකටයි. නමුත් වර්තමානය වන විටදී බොහෝ දෙනකු මෙම රන් කිරි කටගෑමේ චාරිත්‍රය නොසලකා හැර තිබෙනවා. එමඟින් දරුවකු කුඩා කල සිටම ප්‍රතිශක්තිකරණයට හුරු වීම මඟහැරී යෑමක් සිදු වෙනවා. මවුකිරි බීම ආරම්භ කරන දරුවකුගේ ශරීරය ඊට අනුව හැඩ ගැසීම සහ ප්‍රතිශක්තිකරණයට හුරු වීමද මෙම රන් කිරි කට ගෑමත් සමඟ ආරම්භ වෙනවා. විශේෂයෙන්ම පැරැන්නන් විසින් හඳුන්වා දුන් එම චාරිත්‍ර නැවත අප අතරට රැගෙන ආ යුත්තේ එනිසාමයි. තවද මාස හයෙන් පසුව පෙරුම්කායම් කැබැල්ලක්, වදකහ කැබැල්ලක් දරුවකුගේ අතේ බැඳීම අතීතයේදී පැරැන්නන් විසින් සිදුකර තිබෙනවා. එමඟින්ද දරුවකුගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය වීම සිදු වෙනවා. විශේෂයෙන්ම කොත්තමල්ලි තම්බා උදේ සවස පානය කිරීම ඉතාම සුදුසුයි. ඊට අමතරව සුදු ලූනු වෑංජනයක් ලෙසින් හෝ අමුවෙන් හෝ කැඳ වශයෙන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරගත හැකියි. මිංචි කොළ කැඳ වශයෙන් හෝ කලවම් පලා, සලාද වශයෙන් ආහාරයට එක්කර ගැනීමද ඉතාම සුදුසුයි.

සූදුරු, මහදුරු, ගම්මිරිස් මඟින් උදරයේ කැක්කුම, බඩේ අජීර්ණ තත්ත්වයන් අඩු කර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකියි. සූදුරු, මහදුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් වත්කර පානය කිරීම සුදුසුයි. විශේෂයෙන්ම දියරමය වශයෙන් මලපහ වනවා නම් එම තත්ත්වය පාලනයට ගම්මිරිස්, සූදුරු, මහදුරු ඉතාම සුදුසුයි. දෙහි විටමින් සී බහුල ඉතාම ගුණදායක ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන පලතුරක්. දෙහි යුෂ පානය කිරීමද මේ දිනවලදී ඉතාම සුදුසුයි. දෙහිවලට අමතරව පැඟිරි කුලයේ සියලු පලතුරු වර්ග, කොමඩු, ගස්ලබු කෑමද සුදුසුයි. දෙළුම් යුෂ පානය, දෙළුම් ඇට ආහාරයට ගැනීමෙන්ද ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකිය. රතු ලූනු හැකිතාක් ආහාරයන්ට එක්ක කර ගැනීමෙන් දුර්වල වූ ශරීරය ශක්තිය නැවත වර්ධනය කර ගත හැකියි. ඊට අමතරව ඉඟුරු දමා තේ පානය කිරීමත් ප්‍රතිශක්තිකරණය වැඩි කරවන එක් මාර්ගයක්. ගොරකාවලද වයිරස් වර්ග, බැක්ටීරියා වර්ග මර්දනය කරන ඔෟෂධීය ගුණය සහිතය. විසබීජ නාශක ගුණය සහිත ගොරකා පේස්ට් එකක් ලෙසින් හෝ වෑංජන වර්ග සමඟ මිශ්‍රකොට ආහාරයට එක්කර ගැනම ඉතාම සුදුසුයි. එමෙන්ම නෙල්ලි, රසකිඳ තම්බා පානීය කිරීමද උචිතයි. කහ කියන්නේත් ඉතා හොඳ විසබීජ නාශක ගුණය සහිත ශාක කොටසක්. වෙනිවැල්ගැට, රණවරා තම්බා බීමට දීමෙන් කුඩා දරුවන්ට වයිරස් වර්ග, බැක්ටීරියා වර්ග ආසාදනය වීම වළක්වා ගත හැකියි. තවද සුව¼දැල් හාලේ බත් ආහාරයට ගැනීම සුව¼දැල් හාල් කැඳ වර්ග වැඩිපුර පානය කිරීමෙන්ද ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත හැකියි.

ඊට අමතරව මේ දිනවලදී කුකුළු මස් ආදීය මස් වර්ග ආහාරයට ගැනීමෙන් හැකි තාක් අෑත් වීම අත්‍යවශ්‍යයි. එමෙන්ම බිත්තර ආහාරයට ගන්නවා නම් බිත්තර හොඳින් තම්බා ආහාරයට ගත යුතුයි. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන තවත් ආහාර වර්ග ලෙස පොළොස් හා නිවිති ආදිය හඳුන්වාදිය හැකියි. පොළොස් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ශරීරයට ලේ ඉනීම වැඩි කරන අතර ශරීර ශක්තිය වැඩිවීමට නිවිති වැඩිපුර ආහාරයට ගැනීම ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම මේ දිනවල රට තුළ පවතින තත්ත්වය නිසා කෑමබීම හැකි සෑම විටම නිවෙස තුළම පිළියෙල කර ගන්නවා නම් වඩාත් යහපත්ය. ඔබ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරනවා නම් හැකි සෑම විටම දෑත්, මුහුණ සබන් හෝ විසබීජ නාශක ද්‍රව්‍ය යොදා හොඳින් සෝදා පිරිසුදුසුව තබා ගැනීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම දෑත් සෝදන නිවැරදිම ක්‍රමය අනුගමනය කළ යුතුයි. එනම් වම් අත උඩින් දකුණු අතද, දකුණු අත උඩින් වම් අතද මාරුවෙන් මාරුවට තබමින් ඇඟිලි පුරුක්, ඇඟිලිකරු අතර හා අතෙහි පිටි අල්ලද හොඳින් පිරිමදිමින් සබන් දා සේදිය යුතුයි.

ඊට අමතරව උණු කර නිවාගත් ජලය හැකිතාක් පානය කිරීම, පිරිපහදු කළ ජලය පානය කිරීම, නිවෙසේ සකස් කළ ආහාර පාන පමණක් අනුභව කිරීමටද මතක තබා ගත යුතුයි. එමෙන්ම උදේ, දවල්, රාත්‍රි ආහාර වේල් සඳහා පිෂ්ඨය අධික, මේදය අධික, සීනි අධික ආහාර ගැනීමෙන් වැළකීමද අත්‍යවශ්‍යයි. සීනි අධිකව පරිභෝජනය කිරීමෙන් ප්‍රතිශක්තිකරණය අඩාල විය හැකි නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත්වීම වැදගත් වෙනවා. මේ ආකාරයට නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඔබටත් අවදානම් සහගත බෝවන රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබේවි.