August 8, 2020

SinhalaVlog

Just another WordPress site

ඔබේ දුර්වර්ණ සම පැහැපත් කරන්න අවශ්‍ය සත්කාර

වැළමිට, දණහිස සහ අත් යට ප්‍රදේශවල දුර්වර්ණ බව ඉවත්කොට පැහැපත් බවක් ලබාගත හැකි ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් පිළිබඳවයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ. පිපිඤ්ඤා යුෂ මේස හැඳි 03ක් ගෙන එයට දෙහි යුෂ මේස හැන්දක් මිශ්‍ර කරන්න. පසුව එය වැළමිට, ගෙල, දණහිස් සහ අත් යට ප්‍රදේශවල ආලේප කරන්න. ඉන්පසුව පිපිඤ්ඤා පෙති 02ක් ගෙන එම ස්ථානවල හොඳින් අතුල්ලන්න. විනාඩි 10කින් පසුව සෝදා ඉවත් කරන්න. දෙහි යුෂ මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් මිශ්‍රකර එම ස්ථානවල ආලේප කිරීමෙන්ද ඔබට පැහැපත් සමක් ලබාගත හැකියි. තක්කාලි යුෂ මේස හැන්දක්, කිරි මේස හැඳි 02ක්, මී පැණි මේස හැන්දක් සහ කෝමාරිකා ජෙල් මේස හැන්දක් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. එය ඔබේ ගෙල, වැළමිට, අත් යට ප්‍රදේශවල ආලේප කර විනාඩි 20කින් පසුව සෝදා ඉවත් කරන්න. කෝමාරිකා යුෂ මේස හැඳි 02ක්, මී පැණි මේස හැන්දක්, සහ නෙල්ලි යුෂ මේස හැන්දක් ගෙන මිශ්‍ර කරන්න. පසුව එය සම මත දුර්වර්ණ වූ ස්ථානවල ආලේප කර විනාඩි 20ක් තබා සෝදා ඉවත් කරන්න. කඩල පිටි මේස හැඳි 02ක්, යෝගට් මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ කහ කුඩු මේස හැඳි කාලක් ගෙන මිශ්‍රකර ගෙල අත් යට දණහිස් ප්‍රදේශවල ආලේප කර විනාඩි 20කින් පසුව සෝදා ඉවත් කරන්න.

අර්තාපල් අලයක් බ්ලෙන්ඩර් කර යුෂ ලබාගන්න. පසුව එයට කෝමාරිකා ජෙල් මේස හැඳි 02ක් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ඔබේ අත් යට ගෙල සහ දණහිස් ප්‍රදේශවල ආලේප කරන්න. කිරි මේස හැඳි 02ක්, කිරි පිටි මේස හැඳි 02ක්, මුදවපු කිරි මේස හැන්දක් සහ කෝමාරිකා ජෙල් මිශ්‍ර කරද ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල සහිත පැක් එකක් සාදාගත හැකියි. දුඹුරු සීනි, ඔලිව් තෙල් සහ කෝමාරිකා ජෙල් මේස හැන්ද බැගින් ගෙන මිශ්‍රණයක් සාදා එයද ඔබේ සම මත අඳුරු ස්ථානවල ආලේප කළ හැකියි. කොහොඹ කොළ කොටා එහි යුෂ මේස හැඳි දෙකක් ගන්න. එයට කස්තුරි කහ මේස හැඳි 02ක්, මී පැණි මේස හැන්දක් සහ කිරිපිටි මේස හැන්දක් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. එය ඔබේ සම මත දුර්වර්ණ වූ ස්ථානවල ආලේප කර විනාඩි 40ක් තබා සෝදා ඉවත් කරන්න. ඔබ මෙම සත්කාරවල දින කිහිපයක් නිරත වන විට වැළමිට, දණහිස, අත් යට ආදී ප්‍රදේශවල ඇති දුර්වර්ණ බව ඉවත්කර පැහැපත් සමක් ලබාගත හැකියි.